ඵලදායීතාවය යනු කුමක්ද?

අද සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. නමුත් බොහෝ අවස්ථාවල එහි සැබෑ අරුත ගැන පැහැදිලි වැටහීමකින් තොරව සමහරු මෙය භාවිතා කරන බව පෙනේ. එබැවින් ඵලදායීතාවය යන්නෙහි සැඟවී ඇති සැබෑ අර්ථය මතු කර ගැනීම උදෙසා මෙම පිටුව ලියාතැබීමට මා අපේක්ෂා කෙරේ.

ඉංග්‍රීසි භාෂාවේ productivity යන වචනය සඳහා සිංහල භාෂාවේ යොදා ගැනෙන වචනය ඵලදායීතාවය වේ. ඵලදායීතාවය යන වචනය ඇසෙන විටම යමෙකුගේ මනසට විවිධ අදහස් ඇතිවිය හැක. ගස් සිටුවීම, ඵලදාව ලැබාගැනීම ලෙස කෙනෙකුට දැනෙන්නට පුලුවන. තවත් කෙනෙකුට මල් පැට සිටුවීම, බිම ඉරි ඇඳීම, කබඩ් මේෂ සකස් කිරීමක් ලෙසද දැනෙන්නට පුලුවන. නමුත් සැබැවින්ම අපේ රටට ඵලදායීතාවය යන්න එතරම් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. අතීතයේ අපේ ගොවියා යල මහ බලා සුදුසුම වෙලාවේ අස්වද්දා අටු කොටු සරුසාර කර ගත්තේය. මහා වාරි තාක්ෂණයකට හිමිකම් කී අප හෙළයන් අක්කර ගනනක සිය කුඹුරේ එක තැනකින් ජලය ගෙන මුළු කුඹුරුම තෙමා එක වක්කඩකින් අප ජලය පිටකිරීමට තරම් දියුනු වාරි තාක්ෂණයකින් පොහොසත් විය. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට දක්ෂ අපේ ඉපැරිණි ගොවිතැන මගින් කියාපාන්නේ අපේ ගොවියාගේ ඵලදායීතාවයයි. ඉතා සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් අපේ ගෙවියන් එදා පෙරදිග ධ්‍යාන්‍යාගාරය බවට මේ අපේ පුංචි දිවයින පත්කලේය.


ඵලදායීතාවය අපට නුහුරු නුපරුදු දෙයක් නොවුනද ඇත්තටම ඵලදායීතාවය යනු කුමක්දැයි අපි තාක්ෂණික ලෙසද තේරුම් ගත යුතුව ඇත. අතීතයේ අපේ ගොවියාගේ අටුකොටු සරුසාර වූයේ එම ගොවිතැන සඵලදායී මෙන්ම කාර්යක්ෂම වීම නිසාය. සඵලදායී යනු කරන කාර්යය නිවැරදි කාර්යයක් වීම වේ. එනම් රටේ මිනිසුන්ට බත් කන්නනම් රටේ ගොවියෝ රටේ කුඹුරු ටික අස්වැද්දීම කල යුතුම අත්‍යාවශ්‍ය කාර්යයක්  වේ. එමෙන්ම අපේ ගොවියො හරියටම යල මහ දෙක බලලා හරිම වෙලාවේදී පුරන් කොටලා, ඇල වේලි බැ‍ඳලා මඩකරලා, වී වපුරලා, අස්වනු නෙලීම අදී සියලුම කාර්යයන් හරිම වෙලාවේදී කාර්යක්ෂම ලෙස සිදු කර ඇත. මෙහිදී කාර්යක්ෂමතාවය යනු හරිම විදියට කිරීම වේ. එබැවින් ඵලදායීවය යනු සඵලදායීතාවයට කාර්යක්ෂමතාවය එකතු කල විට ලැබෙන ප්‍රථිඵලය වේ. එනම්



තවත් විදියකින් අපි ඵලදායීතාවය තේරුම් ගනිමු. පහත රූප සටහන දෙස බලන්න.

මෙම රූපයේ දැක්වෙන ප්‍රස්ථාරය ගෙන බලන්නකො. මෙහි අංක 01 කොටුවෙන් කියැවෙන්නේ වැරදි දෙයක් වැරදි ආකාරයට කිරීම වේ. එමගින් කියැවෙන්නේ හොරකමක් අහුවෙන ආකාරයට කිරීම හා සමානය. හොරකම වැරදි කාර්යක්  වනවා පමනක් නොව කරපු හොරකම අසුවී දඬුවම්ද විදින්නටද සිදුවේ. එබැවින් අංක 01 න් කියැවෙන්නේ ඵලදායීතාවයට ප්‍රතිවිරුද්ද අදහසක් වේ. මෙහි අංක 02න් කියැවෙන්නේ කුමක්දැයි සොයා බලමු.  

Comments