ඵලදායීතාවය යනු කුමක්ද? අද සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් ලෙස ඵලදායීතාවය හඳුනාගත හැක. නමුත් බොහෝ අවස්ථාවල එහි සැබෑ අරුත ගැන පැහැදිලි වැටහීමකින් තොරව සමහරු මෙය භාවිතා කරන බව පෙනේ. එබැවින් ඵලදායීතාවය යන්නෙහි සැඟවී ඇති සැබෑ අර්ථය මතු කර ගැනීම උදෙසා මෙම පිටුව ලියාතැබීමට මා අපේක්ෂා කෙරේ. ඉංග්‍රීසි භාෂාවේ productivity යන වචනය සඳහා සිංහල භාෂාවේ යොදා ගැනෙන වචනය ඵලදායීතාවය වේ. ඵලදායීතාවය යන වචනය ඇසෙන විටම යමෙකුගේ මනසට විවිධ අදහස් ඇතිවිය හැක. ගස් සිටුවීම, ඵලදාව ලැබාගැනීම ලෙස කෙනෙකුට දැනෙන්නට පුලුවන. තවත් කෙනෙකුට මල් පැට සිටුවීම, බිම ඉරි ඇඳීම, කබඩ් මේෂ සකස් කිරීමක් ලෙසද දැනෙන්නට පුලුවන. නමුත් සැබැවින්ම අපේ රටට ඵලදායීතාවය යන්න එතරම් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. අතීතයේ අපේ ගොවියා යල මහ බලා සුදුසුම වෙලාවේ අස්වද්දා අටු කොටු සරුසාර කර ගත්තේය. මහා වාරි තාක්ෂණයකට හිමිකම් කී අප හෙළයන් අක්කර ගනනක සිය කුඹුරේ එක තැනකින් ජලය ගෙන මුළු කුඹුරුම තෙමා එක වක්කඩකින් අප ජලය පිටකිරීමට තරම් දියුනු වාරි තාක්ෂණයකින් පොහොසත් විය. අල්ලක් වපුරා මල්ලක් ගෙට ගැනීමට දක්ෂ අපේ ඉපැරිණි ගොවිතැන මගින් කියාපාන්නේ අපේ ගොව...